රත්මලානෙන් ගුවන් අරඹා පැයයි විනාඩි දහයක ගුවන් ගමනකින් පසුව යාපනයට ළඟා විය හැකි වන පරිදි ක්‍රියාත්මක කෙරෙන අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ආරම්භ කළ බව රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පැවසීය.
මෙම ප්‍රවාහන සේවය සතියට දින හතරක් වන පරිදි ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී සෙනසුරාදා,ඉරිදා අඟරුවාදා, බ්‍රහස්පතින්දා යන දිනයන්හි මෙම ගුවන් ගමන් කටයුතු උදෑසන ක්‍රියාත්මක කෙරෙන බව ඒ මහතා පැවසීය.
මගීන් දොලොස්දෙනෙකුට ගමන්කල හැකි Cessna 208 නමැති අංක දරණ ගුවන් රථය මෙම ගමනට එක්විය.
Fits Aviation / David Pieris Aviation යන සමාගම් මෙම මගී ප්‍රවාහනයට ගුවන් රථ යොදවා ඇත.
මෙහි ගමන් කරන මගීන්ට kg 7 බර රැගෙන යා හැකි වන අතර යාපනයට යෑමට සහ ඒමට වඩා වැඩි පහසුවක් සැලසෙන බව කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා පැවසීය.
යාපනය බලා ගමන් කිරීමට බලාපොරොත්තුවන මගීන්ට අදාල ගුවන් සමාගම හා සම්බන්ධ වීමෙනි ටිකට් පත් ලබාගෙන රත්මලානනේ ගමන් ඇරඹීමටත් නැවත යාපනයේ සිට කොළඹට පැමිනීමටත් පහසුකම් ඇති බවද ඒ මහතා පැවසීය.
රේඛා තරංගනී ෆොන්සේකා
tkka
01 years 11 months 07 days 04 hours 24 minutes 04 seconds ago18-20 yanne single propeller light plane ekaka. windadi 70k noweyi 1 winadiyak ho uda inna epa mehema ekaka. oka kerakena eka udadi stop unoth athin karakawala dha aye stsrt karanne
Reply