විශේෂ අවශ්‍යතා ඇති තරුණියන් 5 දෙනෙක්  හා තරුණයන් 5 දෙනෙක් එකම මොහතක පෝරුමස්ථකාරූඩවී  දෑගිලි  බැඳ සියළු මංගල චාරිත්‍ර සහිතව  විවාහ වීමේ දුලබ මංගල උත්සවයක් බණ්ඩාරවෙල නාමල් හොටලයේදී ඉකුත් 29 දා  පැවැත්විණ .

යුග දිවියට එළඹි 10 දෙනාම කථන හා ශ්‍රවන අබාධිතයන් වීම විශේෂත්වයකි.  බණ්ඩාරවෙල සිංහ සමාජය මෙම දුලබ මංගල උත්සවය සංවිධානය කළේය.

යුගදිවිපත්  සියළු දෙනා බණ්ඩාරවෙල ආබාධිත වෘත්ති පුහුණු  ආයතනයේ වෘත්තිය පුහුණුව ලබා දැනට පුද්ගලික අංශයේ රැකියාවන් කරන බව මෙම ව්‍යාපෘතියේ සභාපති   (සිංහ ) සහ බන්ඩාරවෙල සිංහ සමාජයේ ලේකම් විමලසිරි ආරියවංශ මහතා පැවසීය .

බණ්ඩාවෙල අබාධිත වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයෙන් පුහුණුව  ලැබූවන් දෙමාපියන් සමග කැදවා සිදුකල හමුවකදී  මෙම තරුන තරුණියන්  තෝරාගැනීමට අවස්ථාව සැලසූබව ද විමලසිරි  මහතා පැවසීය.

පොලිස් සංගීත කණ්ඩායම  මෙම මංගල උත්සවය සංගීතවත් කළේය . මනාල මනාලියන්ගේ රංගනය  මංගල උත්සවය තවත් විසිතුරු කළේය.

බදුල්ල පාලිත ආරියවංශ

 

 

0 comments

Leave a Reply

Post Comment