බදුල්ල තැන්නපංගුව මාර්ගයේ සොරණාතොට  වැලිහිදවංගුව අසලදී අද (5)  දහවල්    ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් සිව්දෙනෙකු මියගොස් තිදෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව   බදුල්ල පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ මොණරාගල  හුලංදාව ප්‍රදේශයේ පදිංචි සිව්දෙනෙකු යැයි පොලිසිය කීය 

ඉදිකිරීම් සමාගමක සේවකයන් පිරිසක් බස්නැවතුමක් ඉදිකිරීමට තැන්නපංගුව ට ගොස්  ආපසු  තැන්නපංගුව ප්‍රදේශයේ සිට බදුල්ල බලා ලොරියෙන් ගමන් කරමින් සිටියදී මෙසේ ලොරිය සොරණාතොට වැලිහිදවංගුව අසලදී පෙරලී අනතුරට පත්ව ඇතැයි පොලිසිය සදහන් කළේය .

බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත පොලිස් අධිකාරි බුද්දික ගුණසේකර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ටී එම් රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඒ .වී.අනුර ,පොලිස් සැරයන් 43056 වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති 

ඇල්ල ප්‍රසාද් රුක්මාල්

 

0 comments

Leave a Reply

Post Comment