පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරමින් සිටියදී අන්තවාදී ප්‍රහාරයකට ලක්ව මියගිය ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ මළසිරුර අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබුණි .
මෙම මළසිරුර පාකිස්තානයේ ලාහෝර් නුවර සිට දින සවස 05.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.
මෙම දේහය භාර ගැනීම සදහා ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඥාතීන් , ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, කළාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පකිස්තාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්තාන තානාපති තන්වීර් අහමඩ් සහ එම තානාපති කාර්යාලයේ ලේකම්වරිය ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්තානයේ තානාපතිවරයා විසින් ගුවන් යානයෙන් ගොඩ බාන ලද මළසිරුර වෙත මල් කළඹක් තබා තම රජයේ ගෞරව පිරිනැමීමට කටයුතු කළේය .
මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇමතූ රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා මෙසේ පැවසීය. "මෙම මළසිරුරේ අවසන් කටයුතු එසේම පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට මෙම සිරුර ගෙන ඒමට වැය වූ සියලුම වියදම් රජය මගින් දැරීමට රජය තීරණය කර තිබෙනවා .
එසේම අපගේ අග්‍රාමාත්‍යතුමා , ජනාධිපතිතුමා , පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් සමග සාකච්ඡා කර මෙම මරණයට වගකිව යුතු පිරිස වෙත උපරිම දඩුවම් පැමිණවීමට පියවර ගනිමින් තිබෙනවා .
එසේම මෙම මරණය පිළිබඳව සිදු කෙරෙන විමර්ශන කටයුතු පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව ශ්‍රී ලංකා රජය බලා සිටිනවා.
මේ වනවිට මෙම මරණයට වගකිවයුතු විශාල පිරිසක් පාකිස්තාන ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා"
මෙම අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද සිය අදහස් දැක්වීය. ඉන්පසුව මෙම දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා මීගමුව මහ රෝහල වෙත කොළඹ ජයරත්න මල් ශාලාවේ අවමංගල්‍ය රථයක් මගින් ගෙන යාමට පියවර ගෙන තිබුණි.
Rahula api
03 years 06 months 19 days 47 minutes 25 seconds agoNivan Suva Labeva sahodarayata
Reply