ඉන්ධන නොමැති වීමෙන් උතුරේ බොහෝ ඉන්ධනහල් ඉදිරිපිට ජනතාව පොලීම් ගැසී සිටින අතරම ඉන්ධන හිගයට රජය වගකිව යුතු බව පවසමින් එයට විරෝධය පා කිලිනොච්චියේ සහ මුලතිව්හි ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන් කරත්තවලින් ඉන්ධන හල් වෙතට සහ මාසිකසභා සභාරැස්වීම් වෙතට පැමිණියහ.
මුලතිව් කරෙයිදුරපත්තු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද (10දා) පැවති මාසික සභා රැස්වීමට නගර හරහා ගොන්කරත්තවලින් පැමිණියේ සිය වාහන වලට ඉන්ධන ගැසීමට නොහැකිවී ඇති බවටත් ජනතාවට සිදුව ඇති පීඩාවන්ට රජය වගකිව යුතු බවටත් පවසමිනි.
කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයෙකු වූ එස්.ජීවරාසා ඉන්ධනහල්වල පෝලිම් හේතුවෙන් ජනතාව දැඩි පීඩාවන්ට පත්වන බව පවසමින් රජයට විරෝධය පා කරත්තයකින් ඉන්ධන හල්වෙතට ගොස් විරෝධය පා කරච්චි ප්‍රදේශීය සභාව වෙතට පැමිණීය.
මේ අතර පවතින ඉන්ධන හිගය සහ ගෑස් හිගය හේතුවෙන් උතුරේ ජනතාවද දැඩි අපහසුතාවයන්ට පත්ව සිටින අතරම බොහෝ ප්‍රදේශයන්හි ආපනශාලා ගෑස් නොමැතිවීමෙන් වසා දැමීමට සිදුව ඇතැයි ආපනශාලා හිමියන් පවසති.
මන්නාරම දිස්ත්‍රීක්කය තුල පිහිටි ප්‍රධාන ආපනශාලා සියල්ලක්ම මේ දිනවල වසා දමා ඇත්තේ අවශ්‍ය ගෑස් නොමැතිකම හේතුවෙන් බවට ආපනශාලා හිමියන් පවසති.
Kumar
03 years 03 months 14 days 02 hours 09 minutes 16 seconds agorubber tire damu karaththawala roda para badina nisa gawayanta adhinna wadiya mahansiwenna oney. karaththawalata obinney lokupattam damu rodayi. pattam damu karaththa roda parata ahithakaryi.
Reply