නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අද දින (2022 දෙසැම්බර් 27) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.     

මෙම නිල හමුවේදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමන ලද අතර, ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබද නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අතර සුහද පිළිසදරක්ද එහිදි පැවැත්විණි.

තවද, මෙම පළමු නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.    

0 comments

Leave a Reply

Post Comment