වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ නතරකර තිබූ මෝටර් රථයක් අද (13දා) මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ භඨයින් සිව්දෙනෙකු පැමිණ ගින්න පාලනය කරන ලදී.

වාහනයේ කාර්මික දෝෂයක් ගින්නට හේතුවන්නට ඇති බව සදහන් වේ.

ගින්නත් සමග ගාලුපාරේ වාහන තදබදයක් පැවතී අතර , වාද්දුව පොලිසියේ රථවාහන අංශ නිළධාරීන් විසින් එය යථා තත්ත්වයට පත්කරන ලදී. වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

පානදුර සුමිත් පොතුපිටිය 

0 comments

Leave a Reply

Post Comment