ඉන්දියාවේදී පැවැත්විමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට  සිම්බාබ්වේ හී දී පැවති තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (11දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන්  ඊයේ රාත්‍රී  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . මේ සදහා ඔවුන්ට පැය 16 ක පමණ කාළයක් ගත වී තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මෙම කණ්ඩායම සමග පැමිණ සිටියේ නැත.

0 comments

Leave a Reply

Post Comment