කොල්ලුපිටිය ඇලෝ ඇවිනිව් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ටවර් ක්‍රේන් යන්ත්‍රයේ බක්කිය කඩා වැටීමෙන් දේපළ රැසකට හානි සිදුවී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

ඒ හේතුවෙන් නිවසකට, මෝටර් රථයකට සහ ත්‍රීරෝද රථයකට අලාභ සිදු වී ඇත. බක්කිය  කඩා වැටෙන අවස්ථාවේදී කිසිදු පුද්ගලයකු ඒ අවට නොවීම හේතුවෙන් කිසිදු ජීවිත අනතුරක් හෝ තුවාලයක් නොවීය.

මහල් 23කින් යුක්තව ඉදිකරමින් පවතින කාර්යාල සංකීර්ණයේ ඉහළ මහලේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට භාවිතකළ ටවර් ක්‍රේන්   යන්ත්‍රයේ බක්කිය මෙලෙස කඩා වැටී ඇත.

එම බක්කිය යාබද නිවසේ කොන්ක්‍රීට් තට්ටුව මතටත්  ,බක්කිය  තුළ තිබූ සිමෙන්ති ගල් සුඛෝභෝගී මෝටර් රථයේ බොනට්ටුව මතට හා ත්‍රීරෝ රථය මතටත් වැටීමෙන්  රුපියල් ලක්ෂ ගණනාවක අලාභයක් සිදු වීඇතැයි පොලිසිය සඳහන් කරයි.

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්  එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජි ඒ සි පි ගමආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

0 comments

Leave a Reply

Post Comment