ජනතාවට දිනෙන් දින එල්ලවන ජීවන බර හා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව පත්වී ඇති පීඩනයට ආණ්ඩුව වග නොකියන බැවින් ආණ්ඩුව වහාඉල්ලා අස්විය යුතු බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේපිරිසක් අද (14දා) අම්බලන්තොට නගරයේදී විරෝධතාවක් පැවැත්වූහ.
අම්බලන්තොට, වලව ප්‍රදේශයෙන් හා මල්පෙත්තාව ප්‍රදේශයෙන් ජනතා විරෝධතා පාගමන් ඇරඹූ එම පිරිස අම්බලන්තොට නගරයේ ඔරලෝසු කණුව අසලට පැමිණවිරෝධතාවයේ නියැලුනහ. මේ හේතුවෙන්මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර විණි.
මෙම විරෝධතාවට ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති, නිහාල් ගලප්පත්තිඇතුළු ක්‍රියාකාරීහු පිරිසක් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණ සංවිධාන,ගොවි සංවිධාන,දේශපාලන සංවිධාන ඇතුළු සංවිධාන කිහිපයක පිරිසක් එක්ව සිටියහ.
අම්බලන්තොට - සනත් ගමගේ / රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
sg
03 years 03 months 12 days 03 hours 17 minutes 44 seconds agoNeed to empower and strongest these people and need to give an alternative government for the country government.
Reply