ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලේකම් කාර්යල‌යේ සිට සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ. මේ අනුව ජනපතිවරයා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය අතර හමුවක්ද ජනපති ලේකම් කාර්යාලයේදී අද (27දා) පවත්වා තිබේ.

මෙම හමුව සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් ‌සටහනක් තබමින් තානාපතිවරිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය ඇතැවූ ආකාරය පිළිබඳව මෙන්ම එයින් ඉවතට ගමන් කළ හැකි ආකාරය පිළිබඳව ජනපතිවරයා සමග සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකාව තීරණාත්මක මෙහොතක සිටින විට ජනපතිවරයා සිය ධුරයට පත්ව ඇති බවද ඇය සඳහන් කරයි. 

0 comments

Leave a Reply

Post Comment