නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් (07) දින දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නුවරඑලිය පොලිසිය පැවසීය.

එම ගුවන් යානය නුවරඑලියට පැමිණ සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යැමට පැමිණි අවස්ථානවේ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මෙසේ අනතුරට පත් වී ඇත්තේ සිනමන් එයා සමාගමට අයත් සෙස්නා වර්ගයේ ගුවන් යානයකි. ගුවන් යනයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදවාගෙන ඇත.

ගුවන් අනතුරින් තුවාල ලබා රෝහල් ගත කල ගුවන් නියමුවන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවයි නුවරඑලිය දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් ජයසූරිය මහතා පැවසීය.

 

 

0 comments

Leave a Reply

Post Comment