ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කොරියානු පොප් සංගීත ප්‍රසංගයක් ( Korean Pop Music ) පැවැත්වීම සදහා දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය " Sweet - ch " සංගීත කණ්ඩායම 02/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ .

දස දෙනෙකුගෙන් යුතු මෙම දකුණු කොරියානු සංගීත කණ්ඩායම , එළඹෙන 02/07 දින කොළඹ ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන කොරියානු සංස්කෘතික ප්‍රදර්ශන සහ සැණකෙළියේ දී සිය ප්‍රසංගය ඉදිරිපත් කිරීමට නියමිතය .

 ඔවුන් 02/04 දින පස්වරු 04.50 ට දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි .

0 comments

Leave a Reply

Post Comment