කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් එකම සක්‍රීය වැව වන ඒත්තාල ග්‍රාම නිළධාරී කොට්ඨාසයට අයත් තඹර වැව හෙවත් නෙලුම් වැවේ අනවසර ඉදිකිරීම් සිදු වෙමින් පවතින බවට ප්‍රදේශවාසී ජනතාව චෝදනා කර සිටිති.

දැනටමත් බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහී,ඇති තඹර වැව හෙට අනිද්දා වන විට තව බොහෝ අනවසර ඉදිකිරීම් වලට තෝතැන්නක් වනු ඇතැ යි ජනතාව බිය පල කර සිටිති.

වසර සියයක වැඩි දිගු ඉතිහාසයක් සහිත මෙම වැව,අක්කර 13 කුත් පර්චස් 21 කින් යුතු බව ඒත්තාල ප්‍රදේශයේ පදිංචි සමාජ සේවකයෙකු මෙන්ම සිවිල් ආරක්ෂක කමිටුවේ හිටපු සභාපති ජේ.එස්.ඊ.මහින්ද ලාල් මහතා පැවැසුවේ ය.

"මේ වැවෙන් වාරකන් කාලයේ බොහෝ දෙනෙකු ධීවර කර්මාණ්තයේ යෙදිලා බඩ වියත රැක ගන්නවා. මිනිසුන්ට,  සත්තුන්ට දිය නාන්න ප්‍රයෝජනවත් වුනා." ප්‍රදේශවාසී ජනතාව අපට පැවසුවේ ය.

කල්පිටිය කුමාරි කොට්ටච්චි

0 comments

Leave a Reply

Post Comment