ජනපති, අගමැති, ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු පිරිස පැවැත්වූ හර්තාල් ව්‍යාපාරයට සහය පළ කරමින් අද (06දා) එප්පාවල නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දමමින් හා රාජ්‍ය, අර්ධ රාජ්‍යය හා පුද්ගලික ආයතන වසා දමා, කළු කොඩිද ඔසවා විරෝධතාවක  නිරත වූහ

මහා සංඝරත්නය , ව්‍යාපාරිකයින්,  ගුරු විදුහල්පතිවරුන් ඇතුළු  වෘත්තීයවේදීන්, ගොවි ගෙවිලියන්, රෝහල් කර්ය මණ්ඩල නිළධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම විරෝධතාවන්ට සහභාගී වූහ.

රාජ්‍ය, අර්ධ රාජ්‍යය හා පුද්ගලික ආයතන වසා දමා, කළු කොඩිද ඔසවා ඇති අයුරු දැක ගත හැකි විය.පොදු ප්‍රවාහන සේවයේ කටයුතුද අඩාල විය.

විරෝධතාවය අතර තුළ වත්මන් ජනාධිපති, අගමැති, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, අනුරාධපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන ඥාණා නම් කාන්තාවගේ අනුරුව සහිතව පිරිසක් විරෝධතාකරුවන් අතරට පැමිණි අතර, ඔවුන්ට හූ හඩින් සංඟහ කිරීමට විරෝධතාකරුවන් කටයුතු කළහ.

තිසර සමල් එප්පාවල

 

0 comments

Leave a Reply

Post Comment