බ්‍රිතාන්‍යයේ ටැටන්නෝ පළාත නියෝජනය කරමින් මිල්ටන් කේන්ස් කවුන්සිලය (Milton keyns council) සඳහා කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් පළාත් මැතිවරණයට ඉදිරිපත් වු  ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ්. ජේ. ඒම්. මුසම්මිල් මහතාගේ දියණිය වන ශස්නා මුසම්මිල් මහත්මිය එයින් ජය ගත්තාය.

කන්සවේටිව් පක්ෂය ටැටන්නෝ පළාතේ බසුබෑමකට ලක්ව තිබියදීත් ජන්ද දායකයින් 8647 ගෙන් ප්‍රකාෂිත ජන්ද 31.18% ප්‍රතිශතයකින් ජන්ද 1167ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානයට ශස්නා මුසම්මිල් මහත්මිය තේරි සමත්විය. මැතිවරණය මැයි 05 දින පැවත්වා තිබේ.

බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් ප්‍රදේශයේ පදිංචි ෂස්නා මුසම්මිල් මහත්මිය   එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ඒම්. බී. ඒ උපාධිය හා එරට විවෘත විශ්ව විද්‍යාලෙයන්  ඒම්. ඒස්. සී සංවර්ධන කළමනාකරණය උපාධිය හදාරා තිබේන අතර ඇය එරටේ සමාජ සේවිකාවකි.

ඇය ශ්‍රී ලංකාවේ පදිංචිව සිටියදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිගේ පෞද්ගලික ලේකම් වශයෙන් හා ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන රැසකසමාජ සේවිකාවක ලෙස කටයුතු කර තිබේ.

වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම  හා පදිංචිය සදහා බ්‍රිතාන්‍යට ගොස් විශ්ව විද්‍යාල කීපයක අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව සමාජ සේවා කටයුතු වල නිරතව සිටින අතර තුර ඇය පළාත් මැතිවරණය සදහා ඉදිරිපත්ව ජයගෙන තිබේ.

ලුණුගල ප්‍රසන්න පද්මසිරි

3 comments

Nandana

03 years 01 months 08 days 08 hours 35 minutes 46 seconds ago

Congrats,! ,proud of you,

Reply

LGPJ

03 years 01 months 08 days 08 hours 35 minutes 39 seconds ago

My heartiest congratulations to Sri Lankan Daughter.!!!!

Reply

Saman

03 years 01 months 03 days 05 hours 21 minutes 34 seconds ago

දුවගෙන් ඉගෙන ගන්න.

Reply

Leave a Reply

Post Comment