ඉන්ධන ලබාදීම අත්‍යාවශ්‍ය කණ්ඩායම් වලට පමණක් සීමා කර ඇති මොහොතක විදේශීය රටවල් වල සිට මෙරට සංචාරයට පැමිණ සිටි සංචාරක කණ්ඩායම්වලට වලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (28දා) උදේ උදෑසන දඹුල්ල අයිඕසී පිරවුම්හලක්  ඉදිරිපිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

දඹුල්ල නගරයේ අයි ඕ සි ඉන්ධන පිරවුම්හලක්  ඉන්ධන නිකුත්   කිරීම සිදු කරමින් සිටි අවස්ථාවේදී විදේශීය සංචාරකයන් රැගත් වාහන රැසක් එම ඉන්ධන පිරවුම්හහලේ ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ එම පිරිස්වලට ඉන්ධන ලබා දීමට නොහැකි බව පිරවුම් හලේ  පාලන අධිකාරිය දැනුම් දී තිබේ

පෙරදිනයේ පෝලිම් වල සිටි ජනතාවට ටෝකන්  ක්‍රමයක් හඳුන්වා දීම නිසා එම පිරිස් දැඩි විරෝධය එල්ල කිරීමත් සමග  වීදේශීය සංචාරකයන් රැගෙන ආ වාහන වලට පෙට්‍රල් ලබාදීමට ඉන්ධන පිරවුම්හල හිමියන්  ප්‍රතික්ෂේප කොට තිබේ.

 ඒ අනුව විදේශිකයෝ සමග පැමිණි කණ්ඩායම් රැසක් උදෑසන දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට තම වාහන රැගෙන විත් කෙසේ හෝ මෙම විදේශීය සංචාරකයන්ට ගමන් කිරීම සඳහා ඉන්ධන ලබා දෙන්නැයි ඔහුන් දඹුල්ල සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර මහතාට දැනුවත් කිරීම් සිදු කළහ.

පැයක පමණ කාලයක් එම ස්ථානයේ රැඳී සිටි විදේශිකයන් සමග දඹුල්ල සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර මහතා සාකච්ඡා කොට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා සමඟ ඉන්ධන පිරවුම්හ හලට ගොස් පෙට්‍රල් ලීටර් 10 බැගින් හෝ මෙම විදේශිකයන්ට ලබාදෙන්නැයි ඉන්ධන පිරවුම් හලේ අයිතිකරුගෙන් ඉල්ලීමක් කරන්නට විය

ඉන්ධන පිරවුම්හලේ හිමිකරු කියා සිටියේ විදේශික කණ්ඩායම් වලට ඉන්ධන ලබා දීමට තමාගේ කිසිදු විරෝධතාවයක් නොමැති බවත් එහෙත් නිසි ක්‍රමවේදයක් සකසා නොමැති වීම හේතුවෙන් ජනතාවගෙන් එක පැත්තකින් තමන් අසීරුතාවයකට පත්ව සිටින බවත් අනෙක් පැත්තෙන් විදේශිකයන් රැගෙන ආ මේ රටට ඩොලර් ලැබෙන ක්‍රමය විනාස කිරීමට තමන් අකමැති බවත් හෙතෙම ප්‍රකාශ කරන්නට විය. 

කෙසේ වෙතත් රජයේ හෝ වගකිවයුතු බලධාරීන් නිසි ‍ ක්‍රමවේදයක් ක්‍රියාත්මක  නොකිරීම නිසා තමන් ගිරයට අසුවූ පුවක් ගෙඩියක් මෙන් දෙපැත්තෙන්ම තැලෙන බව සඳහන් කළේය.

පසුව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර මහතා ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාවගෙන් විදේශික කණ්ඩායම් වල වාහනවලට  ඉන්ධන ලබා දෙන ලෙස සහ ඉන්ධන ලබා ගැනීමට සහයෝගයක් ලබා දෙන්නැයි කල ඉල්ලීමත්  සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

 පෝලිම් වල රැඳී සිටි ජනතාව කියා සිටියේ කිසිසේත් විදේශික සංචාරකයන් රැගෙන ආ වාහන වලට ඉන්ධන ලබා දීමට නොහැකි බවය. තමන්ද දින ගණනාවක් තිස්සේ පෝලිම් වල රැඳී සිටිමින් තමන්ට ඉන්ධන අහිමි වන බව ප්‍රකාශ කරමින් ඔවුහු කියා සිටියේ තමන්ට ඉන්ධන ලබාදී ඉතිරි වුණොත් විදේශිකයන්ට ලබාදීම සිදු කරන ලෙසය.

 කෙසේ වෙතත් පොලීසිය සහ ඉන්ධන ලබා ගැනීම් සඳහා පැමිණි පිරිස් අතර උණුසුම්  තත්ත්වයක් නිර්මාණය විය. පොලිසිය දැඩි ලෙස කියා සිටියේ විදේශීය රටවලින් පැමිණි අයට ප්‍රමුඛස්ථානය ලබා දීම සිදු කළ යුතු බවය.

 කෙසේ වෙතත් පොලිසිය සඳහා වෙන් කර ඇති ඉන්ධන ප්‍රමාණය විදේශීය සංචාරකයන්ට ලබා දෙන ලෙස ඉන්ධන පිරවුම්හල්  හිමිකරුවන්ට සහකාර පොලිස් අධිකාරිවරයා දැනුවත් කළේය

ඒ අනුව සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමට පියවර ගත් අතර  ඉන්ධන යම් ප්‍රමාණයක් ඇති විදේශීය සංචාරකයන් රැගෙන ආ වාහන වලට ඉන්ධන ලබා නොදී පිටත් කර යැවීමට පොලීසිය පියවර ගැනීම විශේෂත්වයකි

 ඇතැම් විදේශීය සංචාරකයන් රැගත් වාහන තම ටැංකිවල ඉන්ධන තිබියදීත් ඉන්ධන ලබා ගැනීමට පැමිණි අතර ඔවුන්ට ඉන්ධන ලබා නොදී පිටත් කර යැවීමට පොලිසිය පියවර ගැනීම සිදු කළහ

උදෑසන සිට පැය ගණනාවක් මෙම විදේශීය සංචාරකයන් ඉන්ධන පිරවුම්හල අසල   රැඳී සිටිමින් එහි සිදුවන ක්‍රියාදාමය ඔවුන්ගේ ජංගම දුරකථන වලට වීඩියෝගත කර ගැනීම් ආදී සිදුකරන අයුරු ද දැක ගැනීමට හැකි විය.

 විදේශිකයන් කියා සිටියේ රටවල් ගණනාවක  විදේශිකයන් මෙහි සිටින බව ය , විශේෂයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමග මෙරටට ක්‍රිකට්  තරග නැරඹීම  සඳහා පැමිණි අය වැඩි වශයෙන් සිටින බවය

 ඔස්ට්‍රේලියානු ජාතිකයන් කියා සිටියේ රටේ මෙවැනි ප්‍රශ්නයක් තිබියදීත් තමන් ලංකාවට පැමිණියේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය සහ උනන්දුව මෙන්ම ශ්‍රී ලංකාවට ඇති කැමැත්ත නිසාවෙන් බව ය

ශ්‍රී ලංකාවේ පවතින තත්වයවය පිළිබඳව තමන් දැඩි කනගාටුවට පත්වන බවද එම විදේශීය සංචාරකයෝ පැවසූහ.

1 comment

Prinze68

02 years 11 months 23 days 16 hours 59 minutes 17 seconds ago

Even if this is a difficult time for everyone, it is not right not to give priority for the tourists. They are here helping our country, and we are a nation that treats our guests the best possible way. By not giving priority for the tourists, we show that we do not have empathy and we discourage them visiting our country.

Reply

Leave a Reply

Post Comment