ඉතාලියේ සිසිලි දූපතේ කතානියා නගරයට ආසන්නව පිහිටා ඇති එට්නා ගිනි කන්ද නැවතවරක් සක්‍රිය වී තිබේ. මෙම ගිනි කන්ද වරින්වර සක්‍රිය තත්වයට පත් වුණත් එයින් පිටවන ලාවා ගලායාම හේතුවෙන් කිසිදු අවදානමක් තත්වයක් නොතිබෙන බව ඉතාලි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම ගිනි කන්ද පිපිරීමෙන් පිටවන දුම් සමග පිටවන අළු පතිත වීම නිසා කතානියා නගරවාසින් මෙන්ම අවට පිහිටා ඇති නගරවල ජනතාවද දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

ගිනිකන්ද සක්‍රියවීම රාත්‍රි කාලයේ අලංකාර පරිසරයක් දැකගතහැකි වුවත් නගරවාසින් පීඩාවට පත්ව ඇති බව ඉතාලි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත්  පැවසීය.

චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට

 

0 comments

Leave a Reply

Post Comment