ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව උද්‍යානවල සිටින සතුන් සඳහා ආහාර ලබා දීම , සතුන් සමඟ ඡායාරූප ගැනීම සහ අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර තිබේ.

ඒ අනුව දෙහිවල සත්ත්වෝද්‍යානයේ ඇනකොන්ඩා සමඟ ඡායාරූප ගැනීම සඳහා රුපියල් 500ක් අය කෙරෙනු ඇත. එමෙන්ම සියලු සත්ත්වෝද්‍යානවල සිටින මාංශ භක්ෂක සතුන් සඳහා ආහාර ලබා දීමට රුපියල් 200ක් අය කරනු ලැබේ.

එසේම රිදියගම සෆාරි උද්‍යානයේ වායු සමනය කරන ලද බස්රථ ධාවනය සඳහා රුපියල් 150ක ගාස්තුවක් අය කෙරෙන අතර වායු සමනය නොකරන ලද බස්රථ ධාවනය සඳහා රුපියල් 100ක් අය කෙරේ.

0 comments

Leave a Reply

Post Comment