මිහින්තලේ  මහකනදරාව වැව් රක්ෂිතය ආසන්නයේ 'පොතාන' ප්‍රදේශයේ දී ඊයේ (31දා) ඇතින්නියන් දෙදෙනෙකු දැඩි සටනක නිරත වූ බව ගම්වාසීහු පවසති. මෙම ද්වන්ධ සටන පැය දෙකකට අධික කාලයක් පැවති බව යම ගම්වාසීහු පැවසූහ.

මෙහි දී අදහස් දැක්වූ මිහින්තලේ පාරම්පරික දේශීය වෛද්‍ය සෝමරත්න මහතා පැවසුවේ මෙම සටන හේතුවෙන් ඒ ආසන්න මුළු ප්‍රදේශයම දූවිලි වලාවකින් වැසී ගිය බවත්  ඇතින්නියන් දෙදෙනකු සටන් කරන දර්ශනය ඉතා දුර්ලභ එකක් බවත්ය.

0 comments

Leave a Reply

Post Comment