වසර පහකට පසුව  දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන  නිසාවෙන් අතිවිශාල ජනතාවක්  ක්‍රිඩා තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙමින් සිටිති.

රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රවේශපත්‍ර කවුළුවෙන් ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා විශාල පිරිසක් 15 දින දවස පුරා රැඳී සිටින අයුරු දැක ගැනීමට හැකි විය.

කෙසේ වෙතත්  15 දින වන විට  වේශපත්‍ර අවසන් වී රුපියල් තුන්සියේ සහ දහසේ ප්‍රවේශපත්‍ර පමණක් ඉතිරි වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පවසති.

 ඒම ප්‍රවේශපත්‍ර ලබාගැනීමට ද දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිරිපිට දිගු පෝලින් දක්නට තිබිණි. ක්‍රීඩා ලෝලීන් කියා සිටින්නේ සමහර විට තමන්ට තරගය නැරඹීමට අවස්ථාවක් උදා  නොවනු ඇති බවට සැක සංඛා මතුවන බවය.

 රංගිරි  දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගලයේ සුගිය 2018 වසරේ ඔක්තෝම්බර් 13 වන දින ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතරින් පැවති තරඟයෙන් පසුව මේ මස 17 ,19, 21 යන දිනයන්හිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර විස්සයි විස්සේ තරග තුනක් පැවැත්වේ.

දඹුල්ල ක්‍රීඩාංගනයේ නවීකරණය කිරීමෙන් නව විදුලි  ආලෝක යටතේ  පැවැත්වෙන පළමු තරඟය මේ වන අතර ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි උනන්දුවක්  ක්‍රීඩා තරඟ නැරඹීම සඳහා පවතින බව ‍ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ සුජීව ගොඩලියක්ද මහතා සඳහන් කළේය.
මේ වනවිට ක්‍රීඩාංගනයේ තරග සදහා සුදානම් කරන අයුරු දැකගැනීමට හැකිවිණි

කෙසේ වෙතත් දඹුල්ල ක්‍රීඩාංගණයට පැමිණෙන අති විශාල ජනතාවට පහසුකම් සැපයීම නව ක්‍රීඩාංගනයේ නැරඹීම සඳහා ද බොහෝ දෙනාගේ උනන්දුව පවතින බව ද හේතෙම සඳහන් කළේය.

0 comments

Leave a Reply

Post Comment