ඓතිහාසික මිහින්තලා පුරාවිද්‍යා භූමියට අයත් අනුලා චෛත්‍යයේ කැනීම් අතරතුර දී පලිගු වලින් ආවරණය කරන ලද ධාතූන් වහන්සේ නමක් ඇතුළු ඉපැරණි වටිනා කමින් යුත් පුරාවස්තුන් රැසක් හමුවි ඇති බව මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ අද (20දා) සඳහන් කළහ.
කැණීම් වලදී හමුවු ධාතූන් වහන්සේ බොහෝ විට සර්වඥ ධාතුන් වහන්සේ නමක් වන බවට සැක පළ කරන බවත් මෙම ධාතූන් වහන්සේගේ කාලනිර්ණය ඉදිරියේදී සිදු කර ඊට අදාළ ඓතිහාසික තොරතුරු අනාවරණය කර ගැනීමේ කටයුතු සිදු කරන බව නා හිමිපාණන් සදහන් කළහ.
මීට අමතරව මැටි වලින් සාදන ලද පුරාවිද්‍යා වටිනාකමකින් යුතු විවිධ හැඩයන් සහිත පුරාවස්තුන් කිහිපයක්ද මෙම කැණීම් අතරවාරයේදී එම පුරාවිද්‍යා නිලධාරීන්ට හමුව තිබේ .
මෙම සිදු කරනු ලබන කැණීම්වලදි ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පුරාවිද්‍යා නිලධාරීන් සදහන් කළේය.
මෙරට ප්‍රථම බුද්ධ ශ්‍රාවිකාව වූ අනුලා මහරහත් තෙරණිය ඇතුළු පන්සිය නමක් බුද්ධ ශ්‍රාවිකාවන් වෙනුවෙන් ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ විහාර මහා දේවියගේ මූලිකත්වයෙන් ඉදිකළ දැනට ගරා වැටි විනාශ වෙමින් පවතින ථෙතිහාසික අනුලා චෛත්‍ය පුදබිම නැවත ප්‍රතිස්ථාපනය කිරිමේ පුණ්‍ය උත්සවය පසුගියදා ආරම්භ කෙරිණි.
තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද ජත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ හා කුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම සෑයේ ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙන අතර චෛත්‍ය ප්‍රතිස්ථාපන කටයුත්ත පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
වසර 2500ට අධික ඈති ඉතිහාසයක් ඇති අනුලා චෛත්‍ය පිහිටි පුදබිම 1926 වසරේදි පුරාවිද්‍යා බිමක් බවට පත්කර ඇතත් කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත්ව තිබුණි.
සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මහ බෝධින්වහන්සේ මෙරටට වැඩම්ම වීමෙන් අනතුරුව අනුලා බිසව ප්‍රමුඛ කුල කාන්තාවන් පන්සියයක පිරිස එක්ව පැවිදිවි මෙහෙනි සසුන ආරම්භ කර අනුලා ච්‍යෛ පිහිටි පිං බිමේ සිට ත්‍රිපිටකය හදාරලා ලෝකයටම බුදු දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබේ.
උපාසක
03 years 04 months 06 days 01 hours 16 minutes 45 seconds agoඒවාත් පංසලේ අල්මාරියක තැන්පත් කරල තියන්න ඊට පස්සෙ කැලේ සිටි නයි රෙද්ද අස්සෙ දාගෙන වගේ හොරුගත්තෝ කියලා කෑගහන්න
Reply