ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ සත්කාර දායකත්වය තමන්ට හිමිවූ බව අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.
ඔහුගේ ෆේස්බුසටහන
රටේ ප්රමුඛතම දේශීය සන්නාමයක් නිර්මාණය කළ ව්යවසායකයෙකු වන මා හට, ශ්රී ලංකා ක්රිකට් ආයතනය හා ගිවිසුම්ගත වෙමින් LPL ක්රිකට් තරඟාවලිය සඳහා සත්කාර දායකත්වය ( Accommodation Partner ) සැපයීමට ලැබීම ප්රථමයෙන්ම ගෞරවයක් කොට සළකමි.
විශේෂයෙන්ම ඊයේ දිනයේ සිට පවත්වන්නට යෙදුණු මෙම LPL තරඟාවලිය හරහා ලොව පුරා වෙසෙන ක්රීඩා ලෝලීන්ගේ අවධානය ශ්රී ලංකාව වෙත යොමුවන බව නොරහසකි.
එහෙයින් රටේ සංචාරක කර්මාන්තය හා බැඳුණු ව්යාපාර ජාලයක් හිමි ප්රධාන පෙලේ දේශීය ව්යවසායකයෙකු වශයෙන් මා ලද මෙම අවස්ථාව, දැනට කඩා වැටී ඇති සංචාරක කර්මාන්තයයේ ප්රගමනය වෙනුවෙන් යොදා ගැනීමට අදහස් කරගෙන සිටිමි.
අවසාන වශයෙන් මෙම තරඟාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් තම නොමඳ දායකත්වය සපයන ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ මහතාට සහ ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට මාගේ ප්රණාමය පුදකර සිටින අතර, ක්රීඩා ලෝලියෙකු වශයෙන් මෙම තරාඟාවලිය වෙනුවෙන් මාගේ හෘදයාංගම සුභාසිංශණ පිළිගන්වමි




Nandana
03 years 06 months 20 days 07 hours 07 minutes 31 seconds agoAra table eka uda thiyana ewa rasa athi neda, mahajana badu mudal aparade.
Reply