විශ්‍රාමිකව සිටින කලාකරුවන් වෙනුවෙන් ගෙවන මාසික දීමනාව රුපියල් 2000 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීමට රජය කටයුතු කර තිබේ. දේශීය සිනමාව පෝෂණය කිරීමට කාලය ශ්‍රමය කැප කර ශ්‍රාමිකව සිටින කලාකරුවන් ඇගයීමට මෙම දීමනාව ප්‍රධානය කරයි.

එම මුදල් ලබාදීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්විණි.

දීමනා ප්‍රදානය සංකේතවත් කරමින් කලාකරුවන් 20 දෙනෙකු වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

මෙරට සිනමා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් සිදුකළ ප්‍රවීණ සිනමාකරුවෙකු හා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වූ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතාගේ ඡායාරූපයක් ජාතික චිත්‍රපට සංස්ථාව තුළ නිරාවරණය කිරීම ද මෙහිදී සිදුවිය.

DSC_6123 DSC_6136 DSC_6144 DSC_6149 DSC_6154 DSC_6165 DSC_6167 DSC_6168 DSC_6170 DSC_6174

0 comments

Leave a Reply

Post Comment