මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2025/2026) ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකක පමණ කාලයකි.සූර්ය උදාව ඉතා මනස්කාන්ත අයුරින්  දර්ශනය වන  ලොව පිහිටි සුප්‍රසිද්ධ ස්ථානය ලෙස දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිතව ඇත්තේ ශ්‍රී පාදස්ථානයයි. 

මේ දිනවල ශ්‍රීපාද උඩමළුවේ සිට සුර්ය උදාව නැරඹීම සඳහා විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් පැමිණෙමින් සිටියි.

සංචාරකයින් ශ්‍රීපාද මළුවේ සිට ඉතා මනස්කාන්ත අයුරින් දර්ශණය වූ  සූර්ය උදාව පසුගිය දිනවල නරඹමින් සිටි අයුරු  ඡායාරූපවලින් දැක්වේ.

මස්කෙළිය ගාමිණී

0 comments

Leave a Reply

Post Comment