ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සිය සේවා කාලයෙන් පසු යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට පෙර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අතර නිල හමුවක් අද දින  නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

නාවික හමුදා මූලස්ථානයට පැමිණි යුද්ධ හමුදාධිපති වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානය පිළිබිඹු කරමින් සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම සිදුකෙරිණි.

අනතුරුව, මෙම නිල හමුවේදී, නාවික හමුදාධිපති විසින් විශ්‍රාම යන යුද්ධ හමුදාධිපතිගේ කැපී පෙනෙන සේවය අගය කළ අතර, යුද හා නාවික හමුදා අතර සහයෝගීතාව වර්ධනය කිරීමෙහිලා ඔහු දැක්වූ ආදර්ශමත් නායකත්වය විශේෂයෙන් ඇගයිමට ලක් කළේය.

තවද, මෙම නිල හමුව සංකේතවත් කරමින්, දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

0 comments

Leave a Reply

Post Comment