මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය 02වන දින උදැසන සිට පිටාර ගැලිම ආරම්භවි ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට විටින් විට දැඩි වර්ෂාවක් පවතින බවත් එම තත්වයන් මත 02වන දින උදැසන සිට මෙම ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලිමට පටන් ගෙන ඇති බවත්ය.

මෙම ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලිමත් සමග කැළනි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානමක් පැවතිය හැකි බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

චන්ද්‍ර සෙල්ලහේවා

 

1 comment

Kumar

01 years 11 months 17 days 10 hours 12 minutes 12 seconds ago

okata jalashayak kiwwata ehka wathurawalak. oya paalamayati thibena waana saamaama waanadanawa. parana laksha pahana vidulibalaagaaraya nawathunagama waandaanawa.

Reply

Leave a Reply

Post Comment