වරකාපොල, මායින්නොලුව ප්‍ර දේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එම නිවසේ සිටි මව හා පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් සුන්බුන් අතර සිරවි සිටි පියා ඊයේ සවස බේරා ගැණින.

මව හා පුතා සුන්බුන් අතර සිරවී සිටියදී ඔවුන් බේරා ගැනීම වෙනුවෙන් මෙහෙයුම් ආරම්භ කළේය. ඊයේ රාත්‍රි යේ මව සොයා ගත්තත් ඒ වන විටත් ඇය මියගොස් තිබුණි.

එසේම අද පෙරවරුවේ පුතා සොයා ගත් අතර ඔහුද ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව තිබුණි. නිවසේ තිබූ කුඩා එස්කැවේටර් යන්ත්‍රයක්, වෑන් රථයක් හා ටිපර් රථ දෙකකට හානි සිදුව තිබේ.

 

0 comments

Leave a Reply

Post Comment