බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ වංගුව අසල දී අද (15) උදෑසන වන්දනා බස් රථයක් මාර්ගය අසල නවතා තිබු ලොරියක ගැටීමෙන් දසදෙනකු තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව බදුල්ල පොලිසිය පවසයි.

හාලිඇල උඩුවර ප්‍රදේශයේ පිරිසක් රැගත් පෞද්ගලික වන්දනා  බස් රථයක්  නුවර බලා යමින් සිටියදී දුන්හිඳ වංගුව අසල දී මෙසේ මාර්ගය අසල නවතා තබා තිබු ලොරියක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇතයි පොලිසිය සදහන් කලේය .

තුවාලකරුවන් ගේ කිහිප දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය. බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති .

ප්‍රසාද් රුක්මාල්

 

0 comments

Leave a Reply

Post Comment