නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශයේ සිට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ජලය රැගෙන යන විශාල නලයක සති තුනක් තිස්සේ විශාල ජල කාන්දුවක් සිදු වන බවත්, එම ජල කාන්දුව නතර කිරිමට විදුලි බල මණ්ඩලය කිසිදු පියවරක් ගෙන නොමැති බව ජල කාන්දුව සිදු වන ස්ථානය අවට පදිංචිකරුවන් පවසයි.

ලක්ෂපාන ජල විදුලි බලාගාරයට මිටර් 300 පමණ ඉහලින් ලක්ෂපාන 6 කණුව ප්‍රදේශයෙන් මෙම ජල කාන්දුව සිදු වන බවත්, එම ජල කාන්දුව හේතුවෙන් පිට වන ජලය ලක්ෂපාන පොකුණු ජලාශයට ගලාගෙන යන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ජල විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වහයෙන් ජලය සපයන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින අවස්තාවක ලක්ෂපාන ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන නලයක සිදු වන මෙම ජල කාන්දුව විශාල අපරාධයක් බවයි ලක්ෂපාන 6 කණුව ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

නෝටන්බ්‍රිජ් විමලසුරේනද්‍ර ජලාශයේ සිට ලක්ෂපාන ජලාශයට අධික බැවුමක් සහිත ප්‍රදේශයකින් නල පද්ධතියක් හරහා ජලය රැගෙන යන බවත්, එසේ රැගෙන යන ජලය අධික පිඩනයකින් යුක්ත නිසා දිනෙන් දින ජල කාන්දුව වැඩිවන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

සිදු වන ජල කාන්දුව සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ නිලධාරින් අවස්තා කිහිපයකදි දැනුවත් කල බවත්, එය නතර කිරිමට බලධාරින් මෙතෙක් පියවර නොගත් බවයි ලක්ෂපාන 6 කණුව ප්‍රදේශවාසින් වැඩිදුරටත් කියා සිටින්නේ.

අප මේ සම්බන්ධයෙන් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ උසස් නිලධාරියෙකුගෙන් කරුණු විමසිමට උත්සහ කලද එය ව්‍යාප්ත විය.

1 comment

Kumar

02 years 04 months 09 days 11 hours 24 minutes 08 seconds ago

oya kaanduwa hethuwen mulukanadama nayayanna ida thibenawa. oya gollo vidulibalagaraye janna yanthra lanagata giyoth adhika pidanayen pitawen jala dhara dakaganna puluwan. ehwanai jala dharawalin yakada kapannath puluwan.

Reply

Leave a Reply

Post Comment