අඹේපුස්ස - කුරුණෑගල මාර්ගයේ තුල්හිරියේදී කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වූ ලංගම බස් රථයක් හා කන්ටේනර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව 11ක් තුවාල ලබා තිබේ.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබෙන අතර තුවාල ලැබූවන් අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ. 

0 comments

Leave a Reply

Post Comment