බොරලැස්ගමුව පොලිස්වසමේ ඇඹිල්ලවත්ත ප්‍ර දේශයේ නිවසකට පසුගිය 12දා දිවා කාලයේදී ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා රුපියල් 10,707,880ක් පමණ වටිනා දේශිය මුදල්, විදේශීය මුදල්, හා රන් භාණ්ඩ සහිත කුඩා ප්‍රමාණයේ සේප්පුවක් කොල්ල කෑමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
මේ සඳහා පැමිණි සැකකරුවන් දෙදෙනාගේ සී.සී.ටී.වී. දර්ශන පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. මෙහිදී සැකකරුවන් සේප්පුව රැගෙන පදික වෙදිකාවක ගමන් කරන දර්ශන මෙසේ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
සැකකරුවන් පිළිබඳව තොරතුරක් දන්නේ නම්,
ස්ථානාධිපති බොරලැස්ගමුව - 071-8591646
පොලිස් ස්ථානය බොරලැස්ගමුව - 011-2150769
Leave a Reply