ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය  සම්බන්ධ රාජකාරීන්  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2021 දෙසැම්බර් මස 31 වන දින සහ 2022 ජනවාරි මස 01 වන දින කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.    

ඒ අනුව, ඉදිරි මාස 03 ක කාලසීමාවක් මෙම ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ හා ආචාර සමාචාර සිදු කිරීමේ රාජකාරීන් සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරීන් ශ්‍රී ලංකා‍ නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අතර, මෙම විශේෂ රාජකාරීන් අධීක්‍ෂණය ශ්‍රී ලංකා‍ නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් කැලුම් මාරඹගේ  විසින් සිදු කෙරෙනු ඇත.

0 comments

Leave a Reply

Post Comment