යාල ජාතික වනෝද්‍යානයේ ගැමුණු ලෙසින් ප්‍රකටව සිටින ඇතා වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. ගැමුණුගේ ඉදිරිපස දකුණු පාදයට මෙම වෙඩි වැදීම සිදුව තිබේ. බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ගැමුණු මෙම අනතුරට ලක්වන්නට ඇතැයි සැක කෙරෙයි.

ගැමුණුට ප්‍රතිකාර කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

දළ ඇතෙක් වූ ගැමුණු මුලින්ම යාලේ සිටින සැන්ඩෝ සමග සටනකින් පසු දකුණු දළය අහිමි වූ අතර පසුව යාලේ නන්දිමිත්‍ර සමග ඇතිවූ ගැටුමකින් වම් දළයද අහිමි විය.

මෙසේ දළ දෙකම අහිමිවුවත් ගැමුණුගේ දන්ත මූලයට හානි නොවීම හේතුවෙන් යළිත් දළ වැඩෙමින් පවතී. 

ඡායාරූප හිමිකම් ඒවා ලබාගත් අය සතුය/ඡායාරූප උපුටා ගැනීම සමාජ මාධ්‍ය

0 comments

Leave a Reply

Post Comment