යාපනය අර්ධද්වීපයේ වගා කරන ලද බීට් රූට් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම්ත් සමඟ බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් 100 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පවසති.
පසුගිය මාසයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බීට් රූට් කිලෝවක තොග මිල රුපියල් 350ක පැවති අතර 05 දින වන විට යාපනයේ බීට්රූට් ලැබීම නිසා කිලෝවක තොග මිල රුපියල් 250 දක්වා පහත වැටී තිබේ.
ඊට සමගාමීව ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන අනෙකුත් එළවළු වර්ග වල ද වැඩි වීම්ත් සමග එළවළු මිල සියයට 40 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙඳුන් පෙන්වා දෙති.
පසුගිය මාසයේ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබුණු සෑම එළවළුවක්ම පාහේ කිලෝවක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි.
යාපනය චුන්නාගම් ප්‍රදේශ්යේ සිට දඹුල්ලට බීට් රූට් රැගෙන එන යාපනයේ ගොවි රජා නමින් හඳුන්වන කන්දයියා ත්‍යාග ලිංගම් මහතා කියා සිටියේ වෙනදාට වඩා අඩු වශයෙන් යාපනයේ එළවළු වගා කර ඇති බවය
බීට් රූට් මෙම මිල යටතේ පැවතිය හොත් ගොවීන්ට සාධාරණ මිලක් හිමිවන බවද සඳහන් කළ අතර බීට්රූට් අස්වැන්න යාපනයේ ගොවීන් නෙලන අවස්ථාවේදී පාකිස්ථානයෙන් මෙරටට හොර රහසේ බීට්රූට් ගෙන්වීම නවතා දෙන්නැයි හෙතෙම බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය
රසායනික පොහොර මිල ඉහළ යෑම පිළිබඳව යාපනයේ යූරියා මිටියක් රුපියල් තිස් දහසකට අලෙවි වෙන බවත් වෙනදා එලවලු වගාවට දැමූ ගොම පොහොර පවා විශාල මිල ඉහළ යෑම්ක් පවතින නිසා බොහෝ ගොවීන් වැඩි වශයෙන් වගාවට යොමු නොවුන බව ද මේ මහතා සඳහන් කළේය
ඉදිරි දින කිහිපයේ යාපනය අර්ධද්වීපයේ එළවළු අස්වැන්න නෙළීම ආරම්භ කරන නිසා එළවළු මිල යම් මට්ටමකින් පහත වැටිය හැකි බව වෙළෙන්දෝ අනාවැකි පළ කරති.
කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි, කැරට්, ලීක්ස්, වට්ටක්කා වම්බටු, පතෝල, මෑ කරල් ආදී සෑම එළවළුවක්ම ඉකුත් සතියට වඩා කිලෝවක් රු.50 80ත් අතර මිළ පහත වැටීමක් ඇතැයි වෙළඳ ප්‍රජාව පෙන්වා දෙති.
Kumar
03 years 04 months 21 days 02 hours 09 minutes 49 seconds agomaydinawala beet tikak wadiyakanna bariya. Apata pathola waniday labenney greesma rithuwedi pamanayi.
Reply