මේ දිනවල පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ගලා දකුණු පළාතේ ස්ථාන කිහිපයක්ම මුහුදු ජලයෙන් යටවිය.

ගාල්ල නරගයේ වෙරළ අයිනේ පිහිටා තිබූ ඉදිකිරීම් සහ බැමි කිහිපයක් ද මෙම රළ පහරින් කැඩී ගොස් ඇත. වෙරළාසන්නයේ නවතා තිබූ ධීවර යාත්‍රා කිහිපයක් ද ගොඩබිමට ගසා ගෙන පැමිණ ඇත. මේ හේතුවෙන් සමුද්‍ර මාවතේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධයක්ෂ කර්නල් ප්‍රසාද් කරුණාරත්න මහතා කියා සිටියේ මේ වනවිට ප්‍රදේශ ගණනාවක මුහුදු රළ ගොඩබිමට පැමිණ ඇති බවයි. සුළං තත්වය වරින් වර වැඩිවන බැවින් ඒ පිළිබඳ අනතුරු අඟවා ඇති බව ද හෙතෙම කීවේය.

මේ උදම් රළ තත්වය රාත්‍රී කාලයේ දී දරුණු ලෙස නැවත ඇතිවිය හැකි බැවින් මුහුදු බඩ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසත් මුහුදු යාමෙන් සම්පූර්ණයෙන් ම වළකින ලෙසත් හෙතෙම ජනතාවයෙන් ඉල්ලා සිටියි.

සිරංගිකා ලොකුකරවිට/කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත

0 comments

Leave a Reply

Post Comment