බදුල්ල  නගරයට ඉහලින් පිහිටි අළුගොල්ල කදුමුදුනේ බදුල්ල බෞද්ධ සංගමය විසින් ඉඳිකරන ලද  දෙසැත්තෑරියන් බුදුපිළිම වහන්සේගේ නිධන් වස්තු තැන්පත්කිරීමේ පුණ්‍යොත්සවය මේ මස 14,15,16 යන දිනයන්හී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍යාමෝපාලී මහා වංශයේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික , බදුල්ල මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ භාරකාර ධූරන්ධර  ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් ප්‍රම්‍රඛ මහා සංඝයා වහන්සේගේ සහබාගිත්වයෙන් 14  වැනිදා පෙ.ව. 9.30ට  මෙම පින්කම් ආරම්භවන බව බදුල්ල බෞද්ධ සංගමය පවසයි.

ආරාධිතයන් රැසක් සහ දානපතියන් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක්  කොවිඩ් 19 සෞඛ්‍ය උපදේශනයන්ට අනුකූලව  මෙම පින්කමට සහබාගිවීමට නියමිතය.

මෙම බදුපිළිම වහන්සේ බදුල්ල නගරයේ සියළුම ස්ථානයන්ට දර්ශනය වීම විශේෂත්වයකි.

පාලිත ආරියවංශ

 

3 comments

rocky

03 years 10 months 06 days 06 hours 59 minutes 08 seconds ago

Kochchara loku budu pilima haduwath mokatada, manussayange "Bawudha kamak" nathnam?

Reply

Kumar

03 years 10 months 06 days 06 hours 58 minutes 28 seconds ago

oya dawantha budhu pilima hadanawata wada nathibarikentuta niwasa sada dunnam.

Reply

amila balangoda

03 years 10 months 05 days 08 hours 37 minutes 09 seconds ago

Budupilimahadanda budun kiyala ne Oyasalli kanda nethuwa inna unta deepalla.

Reply

Leave a Reply

Post Comment