යාපනය පේදුරුතුඩුව මුහුදු සීමාවේදී ඊයේ (30) දින දැවන්ත ටොනේඩෝ සුලිකුණාටු තත්වයක් ඇති වූ බවත් ඉන් ධීවරයින් හෝ කිසිවෙකුටත් හානියක් සිදු නොවුනු බවත් පේදුරුතුඩුව ධීවරයෝ පවසා සිටිති.

පේදුරුතුඩුව මුහුදු සීමාවේ ඇති වූ මෙම ටෝනේඩෝ සුලිකුණාඩුව විනාඩි 30 කට ආසන්න කාලයක් පැවති අතරම එහිදී ඇති වූ සුලි සුලං තත්වය හේතුවෙන් විශාල ජලකඳක් ගුවනට රැගෙන ගිය ආකාරය දැකගත හැකි වූ බවටද ධීවරයෝ පැවසූහ.

මීට පේර අවස්ථා කිහිපයකදීද යාපනය මුහුදු සීමාවේ මෙලෙසින් ටෝනේඩෝ සුලි කුණාටු තත්වයන් ඇතිව තිබෙන බවටත් මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙලෙස ටෝනේඩෝ සුලි කුණාටුවක් මුහුදු සීමාවේ ඇතිවන්නට ඇතැයිද පේදුරුතුඩුව ධීවරයෝ වැඩිදුරටත් පැවසූහ.

1 comment

Kumar

02 years 07 months 27 days 04 hours 27 minutes ago

Americawey oya deyata kiyanney "waterspout" kiyala.

Reply

Leave a Reply

Post Comment