පසුගිය මාස කිහිපය තුළ දැඩි ලෙස නියගයට ගොදුරු වී තිබූ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජලාශ කිහිපයක් මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පිරී ඉතිරී යාමට පටන් ගෙන ඇත.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන මධ්‍යවාරි ජලාශයක් වන කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහරිය ජලාශය ද මේ දිනවල වාන්දම අයුරු දැකගත හැකිවිය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව අදාළ ගොවිසංවිධානයේ ඉහළ දායකත්ව ඇතිව නිසි ජලකළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යනු ලබන පහරිය ජලාශයේ ජලයෙන් කුඹුරු අක්කර 360කට පමණ යල-මහ දෙක්නයේදී  ජලය නිකුත් කිරීමට හැකිවී ඇති බව කියයි.

කරුවලගස්වැව ජයරත්න

0 comments

Leave a Reply

Post Comment