වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පරිසර හිතකාමී පානීය ජල බෝතල් වෙළෙඳ පොලට හඳුන්වා දෙනු ලැබිණි.

මෙම පානීය ජල බෝතල්, සාමාන්‍ය වෙළෙඳපොලේ පවතින මිලට වඩා අඩු මිලකට ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා බෙදාහැරීමේ සමාරම්භක අවස්ථාව සඳහා එක් වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ අදහස් දක්වන ලදී.

"පානීය ජල බෝතල් අළෙවි කිරීම මෙරට දිනෙන් දින දියුණු වන විශාල ව්‍යාපාරයක් බවට පත් ව තිබෙනවා. මේ හේතුවෙන් ප්ලාස්ටික් බෝතල් පරිසරයට මුදා හැරීමත් වැඩි වී තිබෙනවා. එමඟින් පරිසරයට වන හානිය මෙතෙකැයි කියා නිර්ණය කළ නොහැකී. මේ හේතුවෙන් අපි මෙරට තිබෙන විශාලතම අළෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා පානීය ජල බෝතලයක් රු.35කට අළෙවි කිරීම අද සිට ක්‍රියාත්මක කරනවා. ඒ අනුව, ලංකා සතොස පානීය ජල බෝතලයක් භාවිතා කොට නැවත ලබා දුනහොත් රු.10/=ක වාසියක් ලබා දීමට සැලසුම් කොට තිබෙනවා. මේ නිසා සමස්ත රටටම මිළෙන් අඩු පානීය ජල බෝතලයක් ගුණත්වයෙන් ඉහළව ලබා ගත හැකි වනවා වගේම, පරිසරයට එක් වන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කිරීමට දායකත්වයක් සපයනවා. මෙමඟින් අපි අනෙකුත් පානීය ජල බෝතල් අළෙවිකරන සමාගම් වලට අභියෝග කිරීමට කටයුතු කරන්නේ නැහැ. නමුත් මෙම බෝතල් නැවත ලබා ගැනීමේ ක්‍රමවේදය ඔවුන් ද භාවිතා කරන්නේ නම් පරිසරයට හිතකාමී ව්‍යාපාර කටයුත්තක් බවට ඔවුන්ගේ ව්‍යාපාරයත් පත් වනු ඇතැයි විශ්වාස කරනවා.

පාරිභෝගිකයාට මෙවැනි යහපත් දේ ලබා දීමට කටයුතු කරන විට විවිධ විදේශීය බහුජාතික ව්‍යාපාර හා සමහර ස්වජාතික ව්‍යාපාර විසින් නීති මඟින් ද අපට එරෙහිව කටයුතු කර තිබෙනවා. නමුත් අපි අපේ ජනතාව වෙනුවෙන් තවදුරටත් මෙවැනි සෞඛ්‍යයට හිතකර මෙන්ම පරිසරයට හිතකර කටයුතු සිදු කරන බව ප්‍රකාශ කළ යුතුයි.

1 comment

dilum

03 years 05 months 15 days 01 hours 30 minutes 17 seconds ago

30 he bothale 35 ta bomu.. thawa deyak oya apahu ganna bothal sudda karala aye ewanawada prathichakreekaranaya karawada kiyalath kiwwanm lassana uththarayak denna thibba

Reply

Leave a Reply

Post Comment