එළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය විසින් වාර්ෂිකව පිළියෙළ කරන ලබන විශේෂ නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය පිළියෙල කිරිමේ කටයුතු එම හෝටලයේ සමාන්‍යාධිකාරි රෙෆ්හාන් රෂින් මහතාගේ ප්‍රධානත්වයෙන්  සහ එම හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරින් සහ එම නිලධාරින්ගේ පවුලේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද (07) දින එම හෝටල් පරිශ්‍රයේදි සිදු කළේය.

ග්‍රැන්ඩ් හෝටලයේ අනුරුව සහිතව පිලියෙල කරන ලද නත්තල් කෙක් ගෙඩිය සඳහා පලතුරු වර්ග 12 ක් , කෙක් සදහා යොදා ගන්නා මද්‍යසාර වර්ග 7 ක් ,දේශිය කුළුබඩු වර්ග කිහිපයක් ඇතුළු කෙක් නිෂ්පාදනය සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය කිලෝ 120 ක් යොදා ගනිමින් මෙම නත්තල් කෙක් මිශ්‍රණය පිලියෙල කරනු ලැබුහ.

ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි විරාජ් ජයරත්න මහතා ඇතුළු සුපවේදින් 07 දෙනෙකු මෙම නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය සකස් කිරිම සදහා සහභාගි විය. මිශ්‍ර කරන ලද නත්තල් කෙක් ගෙඩිය දින කිහිපයක් පදම් විමට හැර නත්තලට ප්‍රථම කෙක් ගෙඩිය සම්පුර්ණයෙන්ම පිළියෙළ කර අවසන් කර නත්තලට සහ උත්සව සමයේ ග්‍රැන්ඩ් හෝටලයට පැමිණෙන සියළුම දෙස් විදෙස් සංචාරකයන්ට පිළිගැන්විමට සැලසුම් කර තිබේ.

 

1 comment

Kumar

04 years 07 days 18 hours 32 minutes 14 seconds ago

nawa gilunath ban chun kiyanna oyawage wadawalatada.

Reply

Leave a Reply

Post Comment