නුවරඑලිය හාවාඑලිය බොරලන්ද ප්‍රදේශයේ රජයට අයත් අක්කර 10 පමණ ඉඩමක වගා කර තිබු එලවළු වගාවක් වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින් විසින් ස්කේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් විනාශ කිරිමට ඉකුත් (18) දින පියවර ගෙන ඇති බව එම ඉඩමේ එලවළු වගා කල ගොවින් කියා සිටියි.

නුවරඑලිය නගර සිමාවට යාබදව නගර අලංකරණ කටයුත්තක් සදහා වාර්ෂික බදු පදනම මත හාවාඑළිය බොරලන්ද ප්‍රදේශයේ ලබා දි තිබු රජයට අයත් ඉඩම් නුවරඑලිය මහ නගර සභාවට පවරා ගැනිමට කටයුතු කිරිමත් සමග එම ඉඩම් වල වසර 60 වැඩි කාලයක් එලවළු වගා කල ගොවින් නුවරඑලිය මහ අධිකරණයේ ඉඩමේ අයිතිය ඉල්ලා නඩුවක් පවරා තිබු අතර, එම නඩුව මහ අධිකරණය විසින් නිශ්ප්‍රභා කිරිමත් සමග වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින් විසින් එම ගොවින්ට කිසිදු දැනුම්දිමකින් තොරව (18) දින ස්කේටර් යන්ත්‍රයක් රැගෙනවිත් මුළු එලවළු වගාවට විනාශ කර දැමු බවයි ගොවින් කියා සිටින්නේ.

එම ඉඩම තුල ලික්ස් , කැරට් , සලාද ඇතුළු එලවළු බෝග වර්ග ගණනාවක් වගා කර තිබු බවත්, එම අස්වැන්න නෙලා ගැනිමට තවත් මාස දෙකක පමණ කාලයක් ඉතිරිව තිබියදි එම ඉඩමේ එලවළු වගාවේ ඵලදාව ලබා ගැනිමට ප්‍රථම එලවළු වගාව විනාශ කිරිම නිසා තමන් ආර්ථික වශයෙන් දැඩි පිඩාවට පත්ව සිටින බවයි එම ඉඩමේ එලවළු වගාකල ගොවින් කියා සිටින්නේ.

මේ පිලිබදව එම ඉඩමේ එලවළු වගා කල ගොවින් කියා සිටියේ සංවර්ධන කටයුත්තක් සදහා රජයේ ඩජම් පවරා ගැනිමේ පුර්ණ අයිතිය රජයට ඇති බවත්, රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති වකවානුවක දැඩි දුෂකරතා මැද්දේ වගා කල එලවළු වගාව විනාශ කිරිම තුලින් තමන් දැඩි පිඩාවට පත් වි ඇති බවයි එලවළු වගාවේ ඵලදාව ලබා ගන්නා තෙක් එලවළු වගාව විනාශ නොකරන ලෙසට වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියද එම නිලධාරින් එයට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වු බවයි එම ඉඩමේ වගාකරුවන් කියා සිටියේ.

මෙම ඉඩමට සමගාමිව හිමිකම් ඔප්පුවක් තිබෙන ඉඩමක වගා කර තිබු එලවළු වගාවක්ද වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින් විසින් විනාශ කල බවත්, එම ඉඩමේ හිමිකරු සහ තම වගාව විනාශ කිරිම සම්බන්ධයෙන් වන්දියක් ඉල්ලා නෛතික පියවර ගැනිමට නුවරඑලිය පොලිසියේ පැමිණිල්ලක්ද කර ඇති බවයි නුවරඑලිය හාවාඑලිය බොරලන්ද රජයේ ඉඩමේ වසර ගණනාවක් එලවළු වගා කල ගොවින් කියා සිටියේ.

1 comment

janahitha

02 years 04 months 06 days 22 hours 48 minutes 58 seconds ago

adika lesa kruminahsaka beheth yoda athi nisa ivath kara atha mema goviyange le sampala valada visha adangu vi athi bava heli vi atha vahama vinasha kirima agaya kala yuthuya

Reply

Leave a Reply

Post Comment