කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විවිධ වෘත්තිකයන් විසින් ඔවුන්ගේ වැටුපෙන් අඩු කර ඇති බදු මුදල් අය කිරීමට එරෙහිව උද්ඝෝෂණ සහ විරෝධතාව පළ කිරීමේ ව්‍යාපාරයක් අද (02) දහවල් 12.00 සිට 01.00 දක්වා කෑම පැයේදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට දී පැවැත්විණ.

මෙම උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාරය ගුවන් තොටුපළ ඒකාබද්ධ වෘත්තිකයන්ගේ එකමුතුව සහ ගුවන් තොටුපළ හා ශ්‍රී ලන්කන් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබුණි.

 ්මෙ‍යට ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානීවරයා, ප්‍රධාන ගුවන් ගමන් පාළකවරයා, ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරුන්,
ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීන්, ගුවන් සේවිකාවන්, ගුවන් යානා නඩත්තු සහ කාර්මික අංශයේ සේවකයින් ඇතුළු ගුවන් තොටුපළ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරන විවිධ මට්ටමේ නිලධාරීන් සහ සේවකයින් එක් වී සිටියහ.

එහිදී ඔවුන් 'ජීවන බර අහස උසට, දරුවො හඩයි බඩගින්නට, තිබුණ වැටුප ලෙවකන්නට, රනිල් කෙළියා නැතිවෙන්නට' යනාදී සටන් පාඨ කියමින් දහවල් ආහාර නොගෙන උද්ඝෝෂණයේ නිරත වූහ.

0 comments

Leave a Reply

Post Comment