විදේශීය රටවල් ඉලක්ක කර ගෙන වගා කරන ලද පලතුරු කෘමින් හා පිටි මකුණන් ගේ හානියට ලක්ව විනාශ වී යාමේ අවදානමක පිළිබඳව පසුගිය දෙසැම්බර් මාසයේ කළ හෙලිදරව්වෙන් පසුව තරුණයන් දෙදෙනෙකු දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සියයට සීයක් කෘමීන් විනාස කරන දියරයක් නිෂ්පාදනය කොට පළතුරු වගාවන් බේරා දීමට ඉදිරිපත්ව සිටිති.

දඹුල්ල වෑවල වැව ප්‍රදේශීය විදේශීය වෙළෙඳපොළ ඉලක්කගතව ටොම්ජේසි අඹ, කිලෝ පේර ,දෙළුම් ,කටු අනෝද,ගස්ලබු  ආදී   පලතුරු රැසක් නිෂ්පාදනය කලද ඒවා  පිටි මකුණු කෘමි විනාසය නිසා අස්වනු නෙලීම් අත්හැර ගොවිපළේම  විනාශ වන බව අප පසුගියදා හෙළිදරව් කළෙමු.

මෙම හේතුව නිසා විදේශීය  රටවලින් ලැබෙන ඩොලර් මෙරටට නොලැබී යාම නිසා   ගොවීන් ද දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවත් මෙම කෘමි විශේෂ  මර්දනය කිරීම සඳහා කිසිදු වැඩ වැඩපිළිවෙලක් නොමැති බවද එම ගොවීන් හෙළිදරව් කළහ.

 මෙම පුවත විකාශනය වීමත් සමග කෑගල්ල ප්‍රදේශයේ පදිංචි සමන්ත වික්‍රම ජයසිංහ තරුණ මහතා මීට වසර එකහමාරකට පමණ පෙර දේශීය ශාක වලින්  නිෂ්පාදනය කළ කෘමිනාසක දියරයක් වෑවල වැව ප්‍රදේශ්යේ පලතුරු ගොවීන්ට අත්හදා බැලීම සඳහා පලතුරු වගාවට යොදා තිබේ

 දින 15 කට පසුව එහි  සාර්ථකත්වය බැලීම් සඳහා  දේශීය කෘමිනාශකය නිෂ්පාදනය කළ වික්‍රමසිංහ මහතා එහි සාමාජිකයෙකු වූ ප්‍රියාන් සචින්ත මහතා  වෑවල ප්‍රදේශයට පැමිණියහ.

 ඔවුන් නිෂ්පාදනය කළ දේශීය කෘමිනාශකය එම් අවස්ථාවේදීම පලතුරු වගාවේ අස්වැන්න වසාගෙන සිටි  පිටි මකුණන් මර්දනය වන අයුරු පෙන්වා දීමට ඉදිරිපත් වීම විශේෂත්වයකි .

ප්‍රදේශයේ පලතුරු වගාකරන ගොවීන් කියා සිටියේ වගාව අතහැර දැමූ අවස්ථාවක විවිධ කෘමිනාශක රසායනික යෙදුව ද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම සහ අවශ්‍ය සැර රසායනික කෘමිනාශක නොමැති අවස්ථාවක තමන්ගේ වගාව නැවත ආරම්භ කිරීමට හැකිවීම සතුටට කරුණක් බවත් මෙරට ජනමාධ්‍ය ආයතන වලට පලතුරු ගොවීන්ගේ ස්තූතිය පිරිනමන බව ය.

 දේශීය ශාක කොටස් වලින්   නිෂ්පාදනය කරන ලද මෙම කෘමි නාශකය   පලතුරු වගාවට පමණක් නොව ඕනෑම වගාවක මතුපිට සිටින කෘමීන් මර්දනය කර ගැනීමට හැකියාව පවතින බවත් ඉතාම ගහණව කෘමීන් පවතින්නේ නම් ක්ෂේත්‍රයට පැමිණ තමන් එය මර්දනය කර දීමට ඉදිරිපත්වන බව  එහි නිෂ්පාදක සමන්ත වික්‍රම ජයසිංහ තරුණයා අප සමග පැවසීය.

 දේශීය  කෘමිනාශකය නිෂ්පාදනය සඳහා සහය වූ ප්‍රියාන් සචින්ත තරුණ මහතා කියා සිටියේ වසර එකහමාරක පමණ කාලයක සිට නිෂ්පාදනය කළ මෙම දේශීය කෘමිනාශකය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ගොවීන්ට ලබාදීමට කළ උත්සාහයන් සියල්ල එම  නිලධාරීන් අසාර්ථක කළ බව ඔහු පැවැසීය. එම නිසා දිවයිනේ ගොවීන්   හමුවී එම ගොවීන්ට එහි සාර්ථකත්වය පෙන්වා දෙමින් වස විස නොමැති දේශීයව නිෂ්පාදනය කළ කෘමිනාශකය ලබාදීමේ ක්‍රියාවලියක තරුණයන් හැටියට සිදු කරන බවය.

ඕනෑම වගාවක මෙයාකාරයෙන් කෘමි හානිය පවතින්නේ නම් ඇග්‍රෝ ලයිෆ්  කාබනික කෘමි නාශකය අත්හදා බැලීම්කින් පසුව ලබාගැනීමට හැකි බවත් මෙම   නිෂ්පාදනය නිසා මෙරට මුදල් කෘමිනාසක සඳහා විදේශ රටවලට ගලා නොයන බව ද එහි සාර්ථකත්වය ඕනෑම පරීක්ෂණයකට ලක් කොට  සොයා බලා මෙරට ජනතාවට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි තමන්  කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එම තරුණියයෝ පවසති.

4 comments

klal

03 years 05 months 09 days 02 hours 16 minutes 04 seconds ago

Actually, we have to re-structure the complete agriculture Department with new blood. All senior officers should be transferred and talented second layer staff should be appointed. To avoid tit for tat the officers should be transferred to less important departments until retirement. This is really beneficial. The same should be done to the railway. Second layer staff should be given the training to handle stationmaster job in case of an emergency as Station masters are running a mafia with SJB.

Reply

SUMUDU

03 years 05 months 09 days 02 hours 15 minutes 57 seconds ago

menna niyama desha hithayshi minissu. niyama helayo.

Reply

Sumudu

03 years 05 months 09 days 02 hours 15 minutes 54 seconds ago

den ithin commis kaakkan gen meyaalawa beraganna

Reply

Kumara

03 years 05 months 05 days 16 hours 56 minutes 54 seconds ago

even ada.lk also not mentioned their contact details, only mention from kegalle...then how we can get the product. please add thier contact numbers

Reply

Leave a Reply

Post Comment