කොළඹ බලා දිවෙන මගී බස් රථයක් අද (30දා)  හපුතලේ බෙරගල අතර මාර්ගයේදී තිරිංග ක්‍රියාවිරහිත වීමත් සමග ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය මාර්ගය අයිනේ ඇති ජලය බැස්සවීම වෙනුවෙන් සකස් කළ කොන්ක්‍රීට් කාණුවකට  අල්ලා නතර කර පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට එහි රියදුරු සමත්වූ බව පොලීසිය කියයි.

 මෙසේ ජීවිත බේරාගෙන ඇත්තේ බදුල්ල ඩිපෝවට අයත් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකය.‍

මෙම බස් රථය  හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය  වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බවත් බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක්  හරහා වේලකට අල්ලා නතර කර ගත් බවත් බස් රථයේ රියදුරු ගේ දස්කමින්  සිය ජීවිත බේරා ගැනීමට හැකිවූ බවත් එම බස් රථයේ සිටි මගීහු  පැවසූහ. 
 හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි

හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර 

2 comments

Demuni Uduwara

02 years 04 months 27 days 11 hours 40 minutes 23 seconds ago

His name should be revealed here !

Reply

Vihansa

02 years 04 months 27 days 11 hours 41 minutes ago

Langama pissa

Reply

Leave a Reply

Post Comment