චීන මහජන සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති ජියැං සෙමින් මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කළේය.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත ඊයේ (02) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා එහි තබා ඇති ශෝක සටහන් පොතෙහි විශේෂ සටහනක් තබමින් අභාවප්‍රාප්ත චීනයේ හිටපු ජනාධිපතිවරයා පිළිබඳව සිය ශෝකය සනිටුහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජියැං සෙමින් මහතා මහජන චීන සමූහාණ්ඩුව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ විශිෂ්ට නායකයෙක් බවයි.

 

0 comments

Leave a Reply

Post Comment