ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05දා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපතිවරයා දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබිණ.

මාළිගාව පරිශ්‍රයේ දී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් ලැබිණ. ජනතාව සමග කතාබහ කළ ජනාධිපතිවරයා  ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

0 comments

Leave a Reply

Post Comment