චීනයේ කුංමිං සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ආරම්භ කරමින් එහි ප්‍රථම මංගල ගුවන් යානය 06/26 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණුනි.

එස්.එෆ්.ගුවන් සේවය ( S.F.Air Line) මෙම මංගල ගුවන් ගමන සදහා බෝයිං - 747 - 200 වර්ගයේ ගුවන් යානයක්
යොදවා තිබුණි.

මෙම ගුවන් යානය චීනයේ කුංමිං නුවර සිට 06/26 දින උදෑසන 10.50 ට මෙට්‍රික් ටොන් 22 ක භාණ්ඩ තොගයක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙතැන් සිට සතියේ සෑම සදුදා සහ බ්‍රහස්පතින්දා දින වල චීනයේ කුංමිං සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මෙම ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වීමට නියමිතය .

මෙසේ ශ්‍රී ලංකාව සහ චීනය අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයේ ආරම්භ වීම , මෙතෙක් කළක් පැවති විශාල අවශ්‍යතාවයක් සම්පූර්ණ වීමකි.

කටුනායක ටී.කේ.ජී.කපිල

0 comments

Leave a Reply

Post Comment