ශ්‍රී ලංකාවේ " ඒහිපස්සිකෝ " ලෙස නම් කර ඇති " ලෝක සාමය සදහා ඇවිදින්න "( A Global Walk for Peace ) නැමති  සාම පා ගමන සදහා සහභාගී වීම සදහා ඇමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග  ආලෝකා නැමති සුනඛයා ද , තවත් ගිහි පිරිසක් ද 04//21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 

ඔවුන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට 04/21 දින අලුයම 05.47 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් පිළිගැනීම සදහා ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි , ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ " විශේෂ අමුත්තන්ගේ මැදිරිය " වෙත පැමිණ සිටියහ .

මෙහිදී ආලෝකා නැමති සුනඛයා ද , මෙම ගුවන් යානයෙහි අනෙකුත් ගුවන් මගීන් සමග මගී ආසනයක අසුන් ගෙන පැමිණ තිබූ අතර , ඉන්පසුව ආලෝකා ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා ගෙන පැමිණි අතර , එහිදී ඔහුට ආහාර සදහා කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් , පාන වර්ග කීපයක් ලබා දීම සිදු කෙරුණි .

ඉන්පසුව එම වෛද්‍යවරුන් විසින් මෙම සුනඛයාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂාවකට ලක් කර , ඔහුගේ ලේ සාම්පල කීපයක් ද ලබා ගෙන , නීත්‍යානූකූලව රට තුළට ගැනීම සදහා වූ පරීක්ෂණ ගනනාවක් ද සිදු කර , ඒවායේ වෛද්‍ය වාර්තා ද , කඩිනමින් , පංඤ්ඤාකර හිමියන් වෙත භාර දීම ද සිදු කෙරුණි .

වෙනත් රටවල දී මෙවැනි පරීක්ෂා කිරීම් 'ආලෝකා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූවද , අපගේ වෛද්‍යවරුන්ගේ කාරුණිකභාවය, ඉහළ ආගන්තුක සත්කාර ආලෝකා සතුටට පත් කර තිබුණි . මෙම පරීක්ෂණ සිදු කෙරෙන අවස්ථාවේ දී  , ඔහුගේ හාම්පුතා වූ වියට්නාම් ජාතික පංඤ්ඤාකර හිමියන් ද , ඔහු සමගම සිටීමට කටයුතු කිරීම විශේෂත්වයක් විය. එසේම ආලෝකා වෙනුවෙන් විශේෂ ගිලන් රථයක් ද , අවශ්‍ය වුවහොත් භාවිත කිරීම සදහා සූදානම් කර තිබූ අතර,ආලෝකා එහි ගමන් නොකර , පංඤ්ඤාකර හිමියන් සමග , අනෙකුත් භික්ෂුන් වහන්සේලා ගමන් ගන්නා බස් රථය වෙත ගොඩවිය .

මෙම  බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිස , කටුනායක ගුවන් තොටුපොළ සිට විශේෂ රිය පෙරහැරකින් අත්තනගල්ල රජමහා විහාරස්ථානය වෙත කැදවා ගෙන යාමට පියවර ගෙන තිබුණි .

0 comments

Leave a Reply

Post Comment