අද දහවල් කාලයේ අගලවත්ත ප්‍රාදේශීයට හැමු අධික සුළං හේතුවෙන් ගලේවත්තේ පිහිටි පුද්ගලික දුරකතන සමාගමකට අයත් සංඥා කුළුණක් අසළ පිහිටි තේ ඉඩමකට කඩා වැටි ඇත.

දහවල් කාලයේ හැමු සුලග නිසා කුළුණ කඩා වැටුණු බව එම කුළුණ කඩා වැටුණු ස්ථානයේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු පැවැසීය.

මෙම කඩා වැටිමෙන් කිසිදු ජීවිත හානියක් නැති මුත් කුළුණ සම්පූර්ණයෙන් හාණියට පත්ව තිබුණු අතර සවස 3වන විට එම කුළුනේ කිසිදු  රැහැනක්ද දක්නට නොතිබින.

කුළුණ කඩා වැටුණු බව දැනගත් අවස්තාවේ බොහෝ පිරිස් ඒ වෙත ගිය බවත් ප්‍රදේශවාසින් පවසයි.

ධනුෂ්ක ලංකා නානායක්කාර 

 

0 comments

Leave a Reply

Post Comment